රිෂාඩ්, හිස්බුල්ලා සහ සාලිට එරෙහි පැමිණිලි භාරදීමට පොලිස් මූලස්ථානයේ කමිටුවක්

Tuesday, 04 June 2019 - 14:39

%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A%2C+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ අසාද් සාලිට එරෙහිව පැමිණිලි ඇත්නම් භාරදීම සඳහා පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් තුන්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ අද සිට ජුනි 12 තෙක් උදෑසන 8 සිට පස්වරු 4 දක්වා මෙම පැමිණිලි භාරදිය හැකි බවයි.

පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු මෙම කමිටුවට අයත්.

මේ අතර ඊයේ ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විවිධ පාර්ශව පැමිණිලි සිදුකළා.

හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් සම්බන්ධයෙන් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ද අද කොළඹදී විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

එසේම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ විමර්ශන මණ්ඩලය ඉදිරිපත් කළ අතුරු වාර්තාවලට අනුව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අදාළ විමර්ශන නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බවයි.