පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාව යළි හෙට රැස්වේ- පූජිත් සහ හේමසිරිටත් කැඳවීම්

Wednesday, 05 June 2019 - 7:29

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A-+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%9A%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාව යළි හෙට රැස්වීමට නියමිතයි.

එදිනට පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් සාක්ෂි විමසන බවයි එහි සාමාජික ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කළේ.

ඊයේ දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් තේරීම් කාරක සභාව සාක්ෂි විමසනු ලැබුවා.  

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ සහ ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ද මෙම කාරක සභාව හමුවේ මීට පෙර සාක්ෂි ලබාදුන්නා.