අතුරුගිරියේදී මෝටර් රථයක තිබී මළ සිරුරක් හමුවේ

Wednesday, 05 June 2019 - 9:07

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
අතුරුගිරිය - සන්දෝරිස් ජයන්ති මාවතේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුනේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද අලූයම පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමකට අනුව මෙම මළ සිරුර සොයා ගත් බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි මාළඹේ - කහන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.