ගංජා ඇට තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Wednesday, 05 June 2019 - 11:29

%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%87%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඇඹිලිපිටිය නගරයේදී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ගංජා ඇට කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඹිලිපිටිය පොලීසියට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රී සිදුකළ පරීක්ෂාවකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කටුවන සහ මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි