මුහුදු රළේ වෙනසක්

Wednesday, 05 June 2019 - 13:07

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%85%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 යි දශම 5 ක් හෝ මීටර් 3 ක් දක්වා අද රාත්‍රී 7 වන තෙක් මෙලෙස ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින අතර, ධීවර සහ නාවික ප්‍රජාව මෙන්ම වෙරළබඩ ජනතාව මේ පිළිබදව අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.