නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයට ශාන් විජයලාල්

Wednesday, 05 June 2019 - 14:14

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම්දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

ඔහු අඛණ්ඩව තුන්වරක් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟයි නැගෙනහිර ආණ්ඩුකාර ධුරය පුරප්පාඩු වුණේ.

මේ අතර බස්නාහිර පළාත් නව ආණ්ඩුකාවරයා ලෙස ඊයේ පත් කළ ඒ.ජේ.එම්. මුසම්මිල් හෙට දිනයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර පූජ්‍ය තුම්බෝවිල ධම්මරතන ස්වාමීන් වහන්සේ වෙත, ශ්‍යාමෝපාලී මහානිකායේ ඌව පාර්ශ්වයේ කොළඹ නව කෝරලය හා නව තොටමුනේ ප්‍රධාන සංඝනායක පදවිය වෙනුවෙන් අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ මහෝස්ත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදුකෙරුණේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට මහා සංඝ රත්නය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙහිදී අභිනව මහා නහිමියන් වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදුකෙරුණා.