ඔස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විපක්ෂ නායක හමුවෙයි

Wednesday, 05 June 2019 - 17:01

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලිබරල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රෙයිග් ඔන්ඩාචි, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.

ඒ කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදියි.

පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඔහු මෙම හමුවේදී පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා වෙත සිය කණගාටුව පළ කර තිබෙනවා.

මේ අතර සමස්ත ලංකා ජාතික කළුගල් නිෂ්පාදන සංගමයේ  නියෝජිතයින්ද අද විපක්ෂ නායකවරයා මුණගැසුණා.