ඒකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Wednesday, 05 June 2019 - 20:10

%E0%B6%92%E0%B6%9A%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ජාඇළ - ඒකල මහවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු වන ක්‍රිෂාන්ත අජිත් කුමාර හෙවත් මිනුවන්ගොඩ කළු අජිත් ජීවිතක්ෂයට පත්වුණා.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අද පස්වරු 7 ට පමණයි.

පාතාල සාමාජිකයෙකු කළු අජිත්ට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවුණේ ඒකල මහ පන්සල නම් විහාරස්ථානයට පිටුපස මාර්ගයේදී.

තවත් පුද්ගලයෙකු සමග සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්වුණා.

පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් කළු අජිත් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ, අත්තනගල්ල සහ පොළොන්නරුව යන අධිකරණවලින් වරෙන්තු නිකුත්ව සිටි අයෙක්.

ඒ අනුව පොලිස් අත්අඩංගුවට ගැණුනු ඔහු පසුව ඇප මත මුදාහැර තිබුණා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජාඇළ කපුවත්තේදී සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ඝාතනයට ලක්වූයේද මිනුවන්ගොඩ කළු අජිත් ඉලක්ක කර තැබු වෙඩි ප්‍රහාරයකින් බවට සැකකෙරෙනවා.