තිස්සමහාරාමයේ පුද්ගල ඝාතනයක්

Thursday, 06 June 2019 - 8:00

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තිස්සමහාරාම - කොඩිගහවැව - ජූල්පල්ලම ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් පුද්ගලයෙකු අද අලූයම තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මියගිය පුද්ගලයා සාදයකට සහභාගිවී යළි නිවස වෙත පැමිණෙමින් සිටියදී නිවස ඉදිරිපිට ගේට්ටුව අසළදී මෙම පහරදීම සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 44 ක් වයැසති පුද්ගලයෙකු වන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.