අනවසර විදුලි රැහැනක ගැටී තුන්දෙනෙකු මියයයි

Thursday, 06 June 2019 - 9:00

%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අකුරැස්ස - තලහගම - ගොනකමුල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන 7.30 ට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇති බවයි.

සිද්ධියෙන් මියගොස් තිබුණේ් අවුරුදු 45, 56 සහ 76 යන වයස්වල පසුවන තලහගම ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක්.

මියගිය දෙදෙනෙකුගේ සිරුරු වෙල් යායකත් අනෙක් පුද්ගලයාගේ සිරුර ඒ අසළ තේ වත්තක තිබීත් හමුවී තිබෙනවා.

මෙම අනවසර විදුලි රැහැන සතුන් දඩයම් කිරීමේ අරමුණින් අටවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

තේ වත්ත අසල මියගිය පුද්ගලයා ඒ ආසන්නයේ නිවසක පදිංචිකරුවෙකු වන අතර ඔහු සිය නිවස ඉදිරිපිට ඇද තිබූ රැහැන කුමක්ද යන්න පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙල්යායේ මියගිය දෙදෙනා විසින් මෙම අනවසර විදුලි රැහැන ඇද තබන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.