යාපනයේ රිය අනතුරකින් පස්දෙනෙකුට තුවාල

Thursday, 06 June 2019 - 10:51

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
යාපනය -කොට්ටඩි ප්‍රදේශයේ පාසලක් අසල අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පාසල් දරුවන් හතරදෙනෙකු ඇතුලු පස්දෙනෙකු තුවාල ලැබුවා.

පොලිසිය සඳහන් කළේ වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක් පයින් ගමන් කළ සිසුන් දෙදෙනෙකුගේ සහ යතුරුපැදියක ගමන් කළ සිසුන් දෙදෙනෙකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූ පාසල් සිසුන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවටයි වාර්තා වන්නේ.