මහනුවරදී මෝටර් රථයක් දුම්රියක ගැටී තුන්දෙනෙකුට තුවාල

Thursday, 06 June 2019 - 14:10

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
මහනුවර - හීරස්සගල දුම්රිය හරස් මාර්ගය අසලදී මෝටර් රථයක් දුම්රියේ ගැටී අද දහවල් සිදුවූ අනතුරකින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එලෙස තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ දෙදෙනෙකු සහ දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවයි පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

දුම්රියේ ගැටුණු මෝටර් රථය එහි ඇමිණී ඉදිරියට ගමන් කිරීම හේතුවෙන් දුම්රිය ගේට්ටුකරුගේ කුටියට ද දැඩි අලාභහානි සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් ගේට්ටුව නිසියාකාරව වසා නොතිබූ බව දැනට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පෙන්වා දුන්නා.