අනිද්දා කොළඹට අඩු පීඩනයකින් ජලය සැපයේ

Thursday, 06 June 2019 - 14:56

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A
අනිද්දා පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන අතර, කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයකින් ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සිදුකරනු ලබන කොළඹ නගර සංවර්ධන කිිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි එම මණ්ඩලය සදහන් කළේ.

ඒ අනුව, අදාළ කාල සිීමාව තුළ කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.