රජයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමට පත් කළ පරික්ෂණ කොමිසමේ අතුරු වාර්තාව ජනපතිට

Thursday, 06 June 2019 - 16:38

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
2015 ජනවාරි මාසයේ 15 වනදා සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුල රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි සිදුවූ දූෂණ ක්‍රියා, වංචා, සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී ව්‍යපහරණය, රැවටීම හා බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බවයි.

සෙසු සාමාජිකයන් වන විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන ඇතුළු සාමාජික සාමාජිකාවන් ද එම අවස්ථාවට එක්ව සිටියා.

2015 ජනවාරි 15 වනදා සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධි පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම හෝ අවභාවිතයට එරෙහි බරපතළ චෝදනා පිළිබඳ මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාති, පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිසමේ කාර්ය භාරයයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය ජනවාරි 17 වනදා පත් කරන ලද කොමිසමේ වාර්තාව මාස 06ක් තුළ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබුනා.