ජනපතිවරණයට ඉදිරිපත්වන්නැයි ඉල්ලා නිදහස් පක්ෂයෙන් ජනපතිට සංදේශයක්

Thursday, 06 June 2019 - 16:56

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විශේෂ සංදේශයක් ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස සමග පුළුල් ප්‍රගතිශීලි සන්ධානයකට එළඹීමට සහ එම සන්ධානය බිහි කිරීමට නායකත්වය ගන්නා ලෙස එම සංදේශය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

අද (06) දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත්‍රපාල,  ශ්‍රියානි විජේවික්‍රම,  මොහාන් ලාල් ගේ‍්‍රරු, ශාන්ත බණ්ඩාර ඇතුළු මන්ත්‍රී කණ්ඩායම එම සංදේශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී තිබෙනවා.