පැමිණිලි 04 ක් පොලිස් කමිටුවට

Friday, 07 June 2019 - 7:55

%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+04+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හිටපු අමාත්‍ය රිෂාඩ්  බදියුදීන් සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ අසාද් සාලි යන හිටපු ආණ්ඩුකාරවරුන්ට විරුද්ධව ඉදිරිපත් කර ඇති පැමිණිලි කමිටුවට පැමිණිලි 04 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

ඉකුත් 04 වැනිදා අදාළ කමිටුව පිහිටවනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුගෙන් සමන්විතවයි.

කමිටුවට ලැබී ඇති එම පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකරන බවත්, ඔවුන්ට එරෙහිව පැමිණිලි ඇත්නම් එළැඹෙන 12 වැනිදා දක්වා ඉදිරිපත් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.