පියාගේ පහරදීමෙන් පුතු මිය යයි

Friday, 07 June 2019 - 9:15

%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මාළිගාවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ දී පුද්ගලයෙකු ඔහුගේ බිරිඳට සහ පුත්‍රයාට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් 17 හැවිරිදි පුත්‍රයා මිය ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පහරදීමෙන් තුවාල ලැබූ ඔහුගේ බිරිඳ මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

පවුල් ආරවුලක් මත ඊයේ මෙම ඝාතනය සිදුව ඇති අතර, සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.