5000 ව්‍යාජ නෝට්ටු 3ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Friday, 07 June 2019 - 9:25

5000+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+3%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රත්නපුර - කුරුවිට නගරයේදී ව්‍යාජ රුපියල් 5000සේ නෝට්ටු 3ක් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක් මත නගරයේ වෙළදසැලකට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේදී සැකකරු මෙලෙස ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහු 27 හැවිරිදි කටුකැලියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, විමර්ශන කටයුතු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.