නව සන්ධානයක් ගොඩනැගීම සඳහා නිදහස් පක්ෂ - පොදුජන පෙරමුණු සාකච්ඡා ඇරඹේ

Friday, 07 June 2019 - 11:03

%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා මාලාවේ පස්වැන්න විපක්ෂ නායක කාර්යාලයේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තුලංග සුමතිපාල සහ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස එක්ව සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත එක්ව සිටිනවා.