සයින්දමරුදු පිපිරීමෙන් මිය ගිය, ත්‍රස්තයින් සිව් දෙනෙකුගේ සිරුරු ගොඩ ගැනේ

Friday, 07 June 2019 - 12:36

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
සයින්දමරුදුහිදී බෝම්බ පුපුරුවාගෙන මියගිය ත්‍රස්තවාදීන් 4 දෙනෙකුගේ සිරුරු අම්පාර පොදු සුසාන භූමියේදී ගොඩ ගැනීම අද සිදුකෙරෙැණා.

ඒ, අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකා හෙට්ටිවත්ත ඉදිරියේදියි. කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුවයි ඞී.එන්.ඒ සාම්පල් ලබා ගැනීම සඳහා මෙම මළ සිරුරු ගොඩ ගැනීම සිදුවන්නේ.

මීට පෙර එම මළ සිරුරුවලින් ලබා ගත් ඞී.එන්.ඒ. සාම්පල  නරක්වීම හේතුවෙන් මෙලෙස නව DNA සාම්පල ලබා ගැනීම සිදුවන බව සඳහන්.

පසුගිය අප්‍රේල් මස 26 වනදා කල්මුණේ සයින්දමරුදු සුනාමි ගම්මානයේ නිවසකදී ආරක්ෂක අංශ සමඟ වෙඩි හුවමාරුවක නිරතව පසුව බෝම්බ පුපුරවාගෙන 15 දෙනෙකු මිය ගියා.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ පියා, ඔහුගේ සහෝදරයින් දෙදෙනාගේ සහ එක් සහෝදරයෙකුගේ බිරිඳකගේ සිරුරු ඒ අතර වනවා.

මිය ගිය ත්‍රස්තවාදීන්ගේ සිරුරු ගොඩ ගන්නා අවස්ථාවේ අම්පාර පොදු සුසාන භූමිය අවට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ  බවයි අම්පාර හිරු වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල සඳහන් කළේ.