ඇමති මංගල පාප්තුමාට යැවූ ලිපිය ගැන විමල් ප්‍රශ්න කරයි

Friday, 07 June 2019 - 12:49

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%96+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විවේචනය කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලිපියක් යොමු කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පාර්ලිමේන්තුවේ ද ප්‍රකාශ කළා.

ඒ, පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටි අතර, එහිදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ද මැදිහත් වුණා.

එහිදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ අමාත්‍ය මංගල සමරවීර අදාළ ගැටළුවට පිළිතුරු ලබාදීමට කටයුතු කරනු ඇති බවයි.

එමෙන්ම අමාත්‍ය මංගල සමරවීර පසුගිය දා නිකුත් කළ ට්විටර් පණිවුඩයක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයට ද මුදල් අමාත්‍යවරයා පිළිතුරු ලබා දිය යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා එහිදී ප්‍රකාශ කළා.