පොලිස් අණ නොතකා ගිය මෝටර් රථයක් ගැන විමර්ශන (ඡායාරූප)

Friday, 07 June 2019 - 16:56

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයක් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හිංසාකාරි ලෙස ගවයින් රැගෙන යන බවට ලද තොරතුරකට අනුව, ලොරි රථයක් සහ ඊට සහය ලබාදුන් මෝටර් රථයක් නවත්වන ලෙස පොලීසිය අද (07) පෙරවරුවේ සිදුකළ අණ කිරීම නොතකා අදාළ මෝටර් රථය මෙහිදී පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී පොලීසිය අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ ද, අදාළ මෝටර් රථය පලාගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සමඟ පැමිණි ලොරි රථය පොලිස් අණ පරිදි නවත්වා ඇති අතර, හිංසාකාරී ලෙස ප්‍රවාහනය කළ මී ගවයන් හත් දෙනෙක් සහ එළගවයින් පස් දෙනෙකු එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ සමඟ සැකකරුවන් තිදෙනෙකු ද වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පලා ගිය මෝටර් රථය සොයා පරීක්ෂණ මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.


ඡායාරූප - වැලිගම, තරංග ගුණරත්න