සම්මත වූ 25,000සේ දඩය ගැන, බස් සංගම් විශ්ලේෂණයක - ත්‍රිවිල් වලින් විරෝධයක්

Saturday, 08 June 2019 - 12:54

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+25%2C000%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A+-+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව රථ වාහන දඩ සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකිරීමට බස් සංගම් සූදානම් වනවා.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ වැඩි වූ දඩ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තමන් කමිටුවක් ද පත් කළ බවයි.

එමෙන්ම, සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ  ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ද සඳහන් කළේ තම සංගමය ද වැඩි වූ රථ වාහන දඩය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග දැනුම් දෙන බවයි.

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන ද වැඩි වූ නව රථ වාහන දඩයට විරෝධය පළ කරනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විෂය භාර අමාත්‍යවරුන් මීට අදාළව තම සංගමය නොමඟ යැවූ බවයි.  

රථ වාහන ධාවනයේදී රියදුරන් සිදුකරන වැරදි සදහා මෙතෙක් පැවති දඩුවම් ඉහළ දැමීමේ මෝටර් වාහන සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ පාර්ලිමේන්තුවේදි අනුමැතිය හිමිවුණා.

මෙමගින් රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, දුම්රිය මාර්ගයට අපරීක්ෂාකාරි ලෙස රථ වාහන ඇතුළු කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් පසු රිය ධාවනය, වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රිය ධාවනය, සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය යන රථ වාහන වැරදි සඳහා අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එමගින් බීමත්ව රිය පදවා සිදුකරන අනතුරුවලින් සිදුවන මරණයකදී අය කරන දඩය රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක්ලක්ෂ 50,000 දක්වා අය කරන අතර, අවුරුදු දෙකකට නොඅඩු සිරදඩුවම් සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

අධික වේගයෙන් රිය ධාවනය කිරීමට දඩුවම් ලෙස වේග කාණ්ඩ 4 ක් යටතේ දඩ නියම කර ඇත්තේ රුපියල් 3000 සිට රුපියල් 25,000 දක්වා පරාසයකයි.