පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවූ ජනපති පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව ඉදිරි සතියේ

Sunday, 09 June 2019 - 7:30

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%96+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන 8 ක සිදුවූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව එළඹෙන සතිය තුළ ඔහු වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

අප්‍රේල් 21 වන දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ මෙම විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ අප්‍රේල් 22 වැනිදායි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ විශ්‍රාමික පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න එහි සාමාජිකයින් වනවා.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන්, පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් සහ උසස් රාජ්‍ය නිලධාරීන් ගණනාවකගෙන්ද පරීක්ෂණ මණ්ඩලය ප්‍රකාශ ලබාගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කළේ.

පාස්කු ඉරිදා සිදුවූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තා දෙකක් මීට පෙර ජනාධිපතිවරයා වෙත ලබාදී තිබුණා.