සමාජ මාධ්‍ය නියාමනයට නව නීති

Sunday, 09 June 2019 - 12:49

%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92
ෆේස් බුක් ඇතුලූ සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා ගතයුතු පියවර මෙන්ම ඊට අදාළ නීතිරීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ එම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන්ද කැඳවා තිබූ බව සඳහන්.

ජාතික ආරක්ෂාවට තර්ජනක් විය හැකි ප්‍රකාශ සහ වීඩියෝ දර්ශන මෙන්ම වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවූ බවයි එම කාරක සභාව නියෝජනය කරන නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර කියා සිටියේ.