අධික සුළං නිසා කැළණිවැලි සහ මුහුදුබඩ දුම්රිය මාර්ගවලට ගස් කඩාවැටීම් කිහිපයක්

Monday, 10 June 2019 - 8:30

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%A9+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඊයේ රාත්‍රියේ පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් කැළණිවැලි සහ මුහුදුබඩ මාර්ගවලට ගස් කඩාවැටී තිබූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

කෙසේ වෙතත් මේ වනවිට එම බාධාවන් ඉවත්කර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

එමෙන්ම කොළඹ - කොටුව ප්‍රදේශය ආශ්‍රිතවද රාත්‍රියේ දැඩි සුළං තත්ත්වයක් පැවතුණා.

ඇතැම් ස්ථානවල ගස්වල අතු කඩාවැටීම් දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ද තවදුරටත් පවතිනු ඇති බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක සඳහන් කළේ.