වැල්ලම්පිටිය තඹ කම්හලේ 10 සැකකරුගේ ඇප ප්‍රතික්ෂේපයි - 24 දක්වා යලි රිමාන්ඩ්

Monday, 10 June 2019 - 10:56

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%B9+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+10+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92+-+24+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පාස්කු ඉරිදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කළ කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැත්තා මේ මස 24 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසට ඔහුගේ නීතිඥවරයා අධිකරණයේදී ඉල්ලීමක් කරනු ලැබූ අතර එය අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම තඹ කර්මාන්තශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර සිටින සැකකරුවන් පිරිස අද දිනයේ අධිකරණයේ පෙනී සිටි බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පරීක්ෂණ සිදු කරන බවයි. මෙම සැකකරුවන් අදාල තඹ කම්හලේ හිමිකරු වන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරු සමඟ සබඳතා පවත්වා ඇති බවට තොරතුරු හෙලි වී තිබුණත් ඔවුන් මෙම අපරාධයට දායක වී තිබේද යන්න සොයාබැලම සඳහා වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

ඒ අනුව නැවත පැමිණිල්ල ලබන 24 වනදා කැදවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට දන්වා සිටියා.



රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More