මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ගැන රතන හිමිගෙන් යෝජනාවක්

Monday, 10 June 2019 - 12:36

%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය, ආරක්ෂක හමුදාවන්ට තාක්ෂණික දැනුම ලබාදෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට තමන් යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ, කථානායක කරූ ජයසූරිය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳව පසුගියදා කථානායකවරයා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන්.

මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ කාරක සභා පිහිටුවීම සිදුකරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 - 1 (2) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ස්ථාවර නියෝග සකස් කරගැනීමට ලබාදී ඇති බලතල යටතේ බවයි.

1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ ප්‍රතිපාදනවලට අනුව පාර්ලිමේන්තුවට බලය ලැබී ඇති කාරණයක් සම්බන්ධයෙන් යම් තැනැත්තෙකු සාක්ෂියට කැඳවීමට හෝ යම් ලිපි ලේඛන සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට නියෝග කිරීමේ බලයක් ඇති බවද අදාළ ලිපියේ සඳහන්.

පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලබන එකී නියමයන්ට යම් තැනැත්තෙක් අවනත නොවුනහොත් ඔහුට හෝ ඇයට එරෙහිව නඩු පැවරීමේ බලයක් නීතිපතිවරයාට ඇති බවත්, විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය ලිපිය මඟින් පෙන්වාදී තිබෙනවා.

එහෙත් නීතියෙන් තහනම් කොට ඇති දෙයක් පිළිබඳව යම් නිලධාරියෙකු හෝ තැනැත්තෙකු පාර්ලිමේන්තු කාරක සභාවට පැමිණීම හෝ සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ කිසිදු නීති කෘත්‍යයක් ආරම්භ කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බව 1955 අංක 32 දරණ රාජ්‍ය නිල රහස් පනතේ විධිවිධාන අනුව දක්වා තිබෙනවා.

එකී පනත අනුව ජාතික ආරක්ෂාව පිිළිබඳ රාජ්‍ය බුද්ධි අංශ විසින් පවත්වාගෙන යනු ලබන ස්ථාන හෝ බුද්ධි අංශ විසින් සොයාගෙන ඇති ලිපි ලේඛන, දත්ත, තොරතුරු මෙන්ම බුද්ධි අංශ විසින් භාවිත කරනු ලබන ක්‍රමවේද හෝ අභිඥා ක්‍රම කිසිවෙකුටත් හෙළිදරව් කිරීම සාපරාධී වරදක් වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කථානායකවරයාට යොමුකළ ලිපියේ තවදුරටත් දැක්වෙනවා.

එලෙස හෙළිදරව් කරනු ලබන තැනැත්තා අදාළ පනතේ 19 වන වගන්තිය අනුව වරෙන්තුවක් නොමැතිව සිර භාරයට පත් කළ හැකි බවද එහි සඳහන්.

මේ අතර නැගෙනහිර පලාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.එ.එම්. හිස්බුල්ලා ට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය පොලිස් මුලස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එ, හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා කාන්තන්කුඩි ප්‍රදේශයේදී සිදුකල ප්‍රකාශයක් පදනම් කරගනිමින්.

මුස්ලිම් ජනතාව මෙරට සුළු ජාතියක් වුවද ජාත්‍යන්තරය තුල මහ ජාතියක් බවත් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් දළදා මාලිගාව ඉදිරිපිට සිදුකල උපවාසයට පැමිණි ඇතැම් භික්ෂූන් රටට වැරදි සහගත ප්‍රකාශ සිදුකල බවත් එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණා.

එම ප්‍රකාශ හේතුවෙන් මුස්ලිම් ජනතාව තුල බෞද්ධ භික්ෂුව කෙරෙහි ද්වේෂයක් ඇති වන බව පවසමින් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි බෞද්ධ තොරතුරු කෙන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුනුගල්ලේ සිරි  ජිනානන්ද හිමියන් කියා සිටියේ.

පොලිස් මුලස්ථානයට පැමිණිල්ල ඉදිරිපත් කිරිමෙන් පසු උන්වහන්සේ පොලිස් මුලස්ථානයට ද පැමිණියා.

එ, පුත්තලම ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් අක්කර 3000කට වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගෙන ඇති බවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන්ට එරෙහිව මිට පෙර සිදුකර ඇති පැමිණිල්ලකට අදාලව කටඋත්තරයක් ලබා දිම සදහායි.

එමෙන්ම නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පසුගියදා සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් රුහුණුරට භික්ෂු පෙරමුණේ ප්‍රධාන සංවිධායක පූජ්‍ය පරදුව ජිනරතන හිමියන් අදහස් පළ කරමින් කියා සිටියේ  අවුරුදු 100 ක් 200 ත් අතර කාලයක් මෙරට සුළු ජාතික මුස්ලිම් ප්‍රජාවට රැකවරණය දීපු මහ ජාතියට ගරු කළ යුතු බවයි.





මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:46

මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More