පාපුවරුවක් කඩාවැටීම ගැන ලංගමයෙන් පරීක්ෂණයක්

Monday, 10 June 2019 - 12:40

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පහල කඩුගන්නාව ප්‍රදේශයේදී බස් රථයක ඉදිරිපස පාපුරුව කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මට්ටක්කුලිය ඩිපෝවට අයත් බස් රථය බෝක්කුවක ගැටී ඇති අතර එම අවස්ථාවේ එය කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් වුණේ බස් රථයේ කොන්දොස්තරවරයා සහ පාපුරුවේ ගමන් ගත් මගියෙක්.

ඊයේ උදෑසන සිදු වූ අනතුරෙන් පසු බස් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගත් අතර ඔහු මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.  

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඇතැම් බස් රථ පැරණි ඒවා වන අතර රාත්‍රී කාලයේදී බීමත් පුද්ගලයින් බස් රථවල පාපුවරුවේ යාමට පෙලඹී ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි කියා සිටියේ.

එවැනි පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන ලෙස රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.