ඉන්ධන මිල සංශෝධනය පස්වරුවේ

Monday, 10 June 2019 - 13:05

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මිල සූත්‍ර කමිටුව අද රැස්වීමට නියමිතයි. මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ අද පස්වරු 06ට මිල සූත්‍ර කමිටුවේ සාමාජිකයින් රැස්වීමට නියමිත බවයි.

මිල සූත්‍රයකට අනුව සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කෙරෙනවා.

පසුගිය මස 10 වනදා ඉන්ධන මිල ගණන් සංශෝධනය වීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 135 කට මේ වනවිට අලෙවි වනවා.

එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 164 කටයි. එම සංශෝධනයට අනුව ඔටෝ ඞීසල් මිලෙහි වෙනසක් සිදු නොවූ අතර මේ වනවිට එම ඉන්ධන ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 104 කටයි.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 136 කට අලෙවි වනවා.

ලෝක වෙළඳපොලේ ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඊයේ දිනය අවසන් වනවිට ඩොලර් 53යි ශත 99 ක් ලෙස සටහන් වූ අතර,  බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඩොලර් 63යි ශත 29ක් ලෙස සටහන් වුණා.

එය පසුගිය සිකුරාදාට සාපේක්ෂව ඩොලර් 1 යි ශත 62 ක ඉහල යාමක්.