පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ජනපතිට

Monday, 10 June 2019 - 13:24

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
පාස්කු ඉරු දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙනු ලැබුවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ විසින් ජනාධිපති නිල නිවසේදී අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එම අවස්ථාවට අදාළ පරීක්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වන හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ද එක්ව සිටියා.

එම පරීක්ෂණ මණ්ඩලය විසින් සකස් කරන ලද අතුරු වාර්තා දෙකක්ද මීට පෙර ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කර තිබුණා.

ඒවා නිතීපතිවරයා වෙත යොමු කිරිමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාතමේන්තුව මේ වනවිට පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

පාස්කු ඉරුදින එල්ල වූ පිපිරීම් වලට අදාළ වෙනත් සාධක පිළිබඳ කරුණ සොයා බලා වාර්තා කිරීමට පසුගිය අප්‍රේල්් 22 වනදා අදාළ පරීක්ෂණ මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරනු ලැබුවා.