වසර 10ක් රිමාන්ඩ් භාරයේ සිටි සක්විතිට ඇප

Monday, 10 June 2019 - 17:00

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
වසර 10කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

රුපියල් ලක්ෂ 6ක මුදල් ඇපයක් සහ එක්කෝටි දස ලක්ෂයක ශරීර ඇප 6ක් මතයි සැකකරුව නිදහස් කෙරුණේ.

සක්විති හවුස් ඇන්ඞ් කන්ස්ට්‍රක්ෂන් සමාගමේ ගනුදෙනුකරුවන් තැන්පත් කර තිබූ රුපියල් කෝටි 162කට අධික මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා 3ක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු 3ක් පවරා තිබුණා.

සැකකරු ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් පිටව ගිය බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

සක්විති රණසිංහට එරෙහිව මූල්‍ය වංචා චෝදනා 2014ක් ගොනු කර තිබූ අතර, වංචා සිදුකර ඔහු කලක් ඉන්දියාවට පළා ගොස් සිටි බව සඳහන්.

නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ රහසිගතව ජීවත් වද්දී, 2010 වසරේ අගෝස්තු 10 වන දා ඔහු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනුණා.

මූල්‍ය වංචා චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී 2013 වසරේ ජනවාරි 31 වන දා සක්විති රණසිංහට බහු විවාහ චෝදනා මත වසර දෙකක සිර දඬුවම් නියම වුණා.

එමෙන්ම ඔහුගේ දෙවන වර විවාහ කර ගත් බිරිඳ වයස අවුරුදු 14ක දැරියක්ව සිටියදී, පැහැරගෙන ගොස් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ද සක්විති රණසිංහට මාස 30ක සිර දඬුවමක් නියම වුණා.

එමෙන්ම එම සිද්ධිය සම්බන්ධයෙන් සක්විති රණසිංහ අංගොඩ මානසික රෝහල වෙත යොමු කර ඔහුගේ මානසික තත්ත්වය පිළිබද පූර්ණ වාර්තාවක් ද ලබා ගැනීමට ද අධිකරණය කටයුතු කළා.