තද සුළං තත්ත්වය තවදුරටත් - නිවාස 150කට අර්ධ හානි

Monday, 10 June 2019 - 18:34

%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+150%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
නිරිතදිග මෝසම් වැසි සමඟ පවතින තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් විට එම සුළං පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවටයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාවත් සමඟ බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 150කට පමණ අර්ධ හානි සිදුව තිබෙනවා.

මොණරාගල - සියඹලාණ්ඩුව - කිඹුලාවෙල ප්‍රදේශයට අද උදෑසන හමා ගිය තද සුළඟකින් නිවාස 10කට පමණ හානි සිදුව ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මීට අමතරව මීගමුව - කැපුම්ගොඩ ප්‍රදේශයට සහ දැරණියගල උතුරු ප්‍රදේශයට අද හමාගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස කිහිපයකට අලාභහානි සිදුව තිබුණා.

වර්ෂාවත් සමඟ පවතින තද සුළං තත්ත්වය සැලකිල්ලට ගෙන නගර ආශ්‍රිතව මාර්ගයේ ඇති විශාල ගස් අසළ වාහන නවත්වා ඒවායේ රැඳී සිටීමෙන් වළකින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.