ඇමරිකානු රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවට

Tuesday, 11 June 2019 - 8:59

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ඉන්දියාවේ සංචාරයකින් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඔහු එළඹෙන ජුනි 24 වන දා ඉන්දියාවට පැමිණෙන අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි.

ඉන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණ දේශපාලන නායකයන් මුණ ගැසෙනු ඇති.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ සහෝදරත්වය පළ කිරීමට ද මෙම සංචාරයේ අරමුණක් බව සඳහන්.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජුනි 24 වන දා සිට 30 වන දා දක්වා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළත් ආසියා - පැසිෆික් කලාපීය සංචාරයේ නිරත වන බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හැරුණු කොට ජපානය සහ දකුණු කොරියාව ද ඔහුගේ එම සංචාරයට ඇතුළත්.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා මෝගන් ඔර්ටේගස් රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව වොෂින්ටනයේ පැවති මාධ්‍ය හමුවේදී නිවේදනය කළේ මෙලෙසින්.

“ඉන්දීය සංචාරයෙන් පසු රාජ්‍ය ලේකම්වරයාගේ මීළඟ නැවතුම්පොළ වන්නේ ශ්‍රී ලංකාවයි. එහිදී ඔහු පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ නින්දිත ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ඇමරිකාවේ සහෝදරත්වය ශ්‍රී ලාංකීය ජනතාව වෙත පිරිනැමීමට සූදානම්. එමෙන්ම, නිදහස් හා විවෘත ඉන්දු - පැසිෆික් කලාපයක් සඳහා වන ඇමරිකානු කැපවීම පදනම් කර ගත් ඇමරිකානු - ශ්‍රී ලංකා සහයෝගීතාව තුළින් ඇති වන අවස්ථා පිළිබඳව ද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේදී සාකච්ඡාවල නිරත වනවා. ”

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු ලෙස ජෝන් කෙරී අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූයේ 2015 වසරේ මැයි මාසයේදියි.

නිදහස් හා විවෘත ඉන්දු - පැසිෆික් කලාපයක් සඳහා වන ඇමරිකානු කැපවීම පදනම් කර ගත් ඇමරිකානු - ශ්‍රී ලංකා සහයෝගීතාව තුළින් ඇති වන අවස්ථා පිළිබඳව ද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සාකච්ඡා කරන බවයි රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.