හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

Saturday, 15 June 2019 - 10:02

%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මේ වන විට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා.

ඔහුට එරෙහිව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශය ලබා ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව අදාළ ප්‍රකාශය ලබා ගැනීම සඳහා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා පෙරවරු 9.45ට පමණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණියා.

පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දින ඇඳිරි නීතිය පනවා තිබියදී පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකට පැමිණ අරාබි ජාතිකයින් පිරිසක් හමුවීමේ සිද්ධිය සහ ඉන්දීය මාධ්‍යයකට සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී මෙරට යුද සමයේදී මුස්ලිම් ජාතිකයින් 100 දෙනෙකුට ආයුධ ලබාදුන් බවට නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍ර‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් පරික්ෂන සිදුකරනු ලබනවා.

එමෙන්ම, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත් සමාගමකට රුපියල් මිලියන 720ක් සෞදි අරාබියෙන් ලැබුණු බවට අදාළ සිදුකෙරෙන පරික්ෂණය ද ඊට ඇතුළත්.





මාලදිවයිනේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 120ක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 11:11

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මාලදිවයිනේ සිරවී සිටි... Read More

Sunday, 05 July 2020 - 11:04

පාතාල සාමාජික අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු ලෙසට සැලකෙන බත්තරමුල්ලේ... Read More

හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් අත්අඩංගුවට
Sunday, 05 July 2020 - 10:07

හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පොලීසිය අත්අඩංගුවට... Read More