තනතුරු යළි භාර ගැනීම ගැන,ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ගේ අවධානය

Saturday, 15 June 2019 - 11:57

%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
ත්‍රෛනිකායික මහා සංඝරත්නය සිදුකළ ඉල්ලීමට ගරු කරමින් නැවතත් සිය ධුර භාර ගැනීම පිළිබදව ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව ලබන අගහරුවාදා මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වී ඒ පිළිබදව තීරණයකට එළඹෙන බවයි හිටපු තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් ප්‍රකාශ කළේ.

ඒ පිළිබදව අප කළ විමසීමකදී ධුරයෙන් ඉවත් වූ තවත් මුස්ලිම් අමාත්‍යවරයෙකු කියා සිටියේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව සිදුකරන පොලිස් පරීක්ෂණ මසක් තුළ අවසන් කිරීම සම්බන්ධයෙන් අගහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මේ වන විට මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විදේශගතව සිටින බැවින් ඔවුන්ගේ ද සහභාගීත්වයෙන් ලබන අගහරුවාදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයට සමගාමීව මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම රැස් වීමටයි සැලසැම් කර ඇත්තේ.  

හිටපු මුස්ලිම් අමාත්‍යවරුන් මහනායක හිමිවරුන්ගේ ඉල්ලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ද මුණ ගැසී සාකච්ඡා කර ඇති බව සඳහන්. බස්නාහිර සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් මෙන්ම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉවත් කරන ලෙස බල කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිදුකළ උපවාසයෙන් අනතුරුවයි සියළුම මුස්ලිම්, කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉල්ලා අස්වූයේ.

කෙසේ නමුත්, මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම පිළිබදව කණස්සල්ල පළ කළ ත්‍රෛනිකායික මහා සංඝරත්නය නැවතත් ඔවුන්ගේ වගකීම් භාරගෙන රටට සේවය කරන ලෙස ඉල්ලීමක් කළා.

ඒ, මහනාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහා විහාරයේ පසුගිය 5 වන දා පැවති කථිකාවතකදීයි.

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි යළි තනතුරු භාර ගැනීම සම්බන්ධයෙන් කඩිනමින් යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් ද පසුගිය දා ප්‍රකාශ කර තිබුණා.

ඒ, අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන් පසුගිය අගහරුවාදා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.

එමෙන්ම, ඊයේ අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දැකීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කළේ මේ මොහොතේ තම පක්ෂය හෝ රජය කරන ඉල්ලීමට අනුව පමණක් කටයුතු කරන බවයි.
   


ඉන්දියාවෙන් දිනකදී කොරෝනා වෛරස් ආසාදිතයින් 24,000ක් - රුසියාවත් අභිබවන ලකුණු
Sunday, 05 July 2020 - 12:57

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස්... Read More

වැල්ලවත්තේ  රෙදි පිළි අලෙවි සැලක ගින්නක්
Sunday, 05 July 2020 - 12:41

වැල්ලවත්ත ප්‍රදේශයේ රෙදි පිළි අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා.... Read More

මාලදිවයිනේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 120ක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 11:11

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මාලදිවයිනේ සිරවී සිටි... Read More