සෙල්ලම් පිස්තෝලයක් ගෙන, කොල්ල කෑමකට පැමිණි අයෙකුට පොලීසියෙන් වෙඩි

Sunday, 16 June 2019 - 12:34

%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
හොරණ නගරයේ පානදුර පාරේ පිහිටි මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකුට පොලීසිය වෙඩි තබා තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

හොරණ පොලිස් ස්ථානයේ ස්ථාපිත කර ඇති අදාළ මූල්‍ය ආයතනයට සම්බන්ධ ආරක්ෂිත නලාව අද අලුයම නාදවීම හේතුවෙන් පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී එම මුල්‍ය ආයතනයට අනවසරයෙන් ඇතුලුවී සිටි සැකකරු තම අතෙහි වූ පිස්තෝලයක් වැනි යමක් පොලිස් නිලධාරීන් දෙසට එල්ල කර වෙඩි තැබීමට සූදානම් වී තිබෙනවා.

එහිදී ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙකු තවත් නිලධාරියෙකුගේ අත තිබූ ගිනි අවිය ගෙන කොල්ලකෑමට පැමිණි සැකකරුගේ දකුණු පාදයට වෙඩි තබා ඇති බව සඳහන්.

මෙලෙස වෙඩි පහරින් තුවාල ලබා ඇත්තේ මීමන - පොකුණුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කෙසේ වෙතත් මූල්‍ය ආයතනය කොල්ලකෑමට පැමිණි පුද්ගලයා රැගෙන ආ ගිනි අවිය පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ එය ප්ලාස්ටික් සෙල්ලම් පිස්තෝලයක් බවයි.



මාලදිවයිනේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 120ක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 11:11

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මාලදිවයිනේ සිරවී සිටි... Read More

Sunday, 05 July 2020 - 11:04

පාතාල සාමාජික අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු ලෙසට සැලකෙන බත්තරමුල්ලේ... Read More

හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් අත්අඩංගුවට
Sunday, 05 July 2020 - 10:07

හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පොලීසිය අත්අඩංගුවට... Read More