ඡායාරූප ගැනීමට ගිය දෙදෙනෙකු රූමස්සල දී, මුහුදට වැටෙයි

Sunday, 16 June 2019 - 14:07

%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%96%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93%2C+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගාල්ල - රූමස්සල කන්දේ සිරි නැරඹීමට ගොස් මුහුදට වැටී අනතුරට ලක්වීමෙන් අතුරුදන් වූ අනෙක් පුද්ගලයාගේ සිරුර ද මේ වන විට සොයාගෙන තිබෙනවා.

ඔහු ගාල්ල - පිලාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි යුද හමුදා සාමාජිකයෙක්.

අද දහවල් ගාල්ල - රූමස්සල කන්දේ සිරි නැරඹීමට ගිය පුද්ගලයින් පස්දෙනෙකු කඳු පාමුල පර්වතකයක නැගී ඡායාරූප ගනිමින් සිටියදී එක් වරම පැමිණි සැඬ රළ පහරකට හසුවී මුහුදට වැටී තිබුණා.

එහිදී තුන් දෙනෙකු දිවි ගලවාගෙන තිබූ අතර, පොලීසීයි සදහන් කළේ දෙදෙනෙකු අතුරුදන් වී සිටි බවයි.

පසුව පොලීසිය සහ නාවික හමුදාවේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී මුහුදට වැටුණු කාන්තාවකගේ සිරුර සොයා ගත්තා.

ඉන් පැය කිහිපයකට පසුවයි අනෙක් පුද්ගලයාගේ සිරුර සොයා ගනු ලැබුවේ.

පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ කාන්තාව මහරගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තැනැත්තියක් බවයි.


ඉන්දියාවෙන් දිනකදී කොරෝනා වෛරස් ආසාදිතයින් 24,000ක් - රුසියාවත් අභිබවන ලකුණු
Sunday, 05 July 2020 - 12:57

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස්... Read More

වැල්ලවත්තේ  රෙදි පිළි අලෙවි සැලක ගින්නක්
Sunday, 05 July 2020 - 12:41

වැල්ලවත්ත ප්‍රදේශයේ රෙදි පිළි අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා.... Read More

මාලදිවයිනේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 120ක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 11:11

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මාලදිවයිනේ සිරවී සිටි... Read More