එජාපයේ කබීර් සහ හලීම් යලි එම ඇමති ධූරවලම දිවුරුම් දෙයි

Wednesday, 19 June 2019 - 11:14

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%91%E0%B6%B8+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%96%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අමාත්‍ය ධුරවලින් පසුගියදා ඉවත් වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම් අද යළි පෙර දැරූ අමාත්‍ය ධුර වලම දිවුරුම් දුන්නා.

ජනාධිපතිවරයා නිල නිවසේදී අද පෙරවරුවේ මෙම දිවුරුම් දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිදුකළ උපවාසයෙන් පසු ආණ්ඩුවේ අමාත්‍ය ධූර දැරූ මුස්ලිම් අමාත්‍යවරු එම ධූරවලින් ඉල්ලා අස් වූ අතර ඔවුන්ගේ ඉවත් වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධූරවලට වැඩබලන අමාත්‍යවරුන් පත් කිරීමටයි ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවේ.

ඒ අනුව කබීර් හෂීම් මන්ත්‍රීවරයා දැරූ මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පත් කෙරුණා.

එම්.එච්.ඒ. හලීම් මන්ත්‍රීවරයා දැරූ තැපැල්  අමාත්‍ය ධූරයට කිසිවෙකු පත් කෙරුණේ නැහැ.

කෙසේ වෙතත් ධූර වලින් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරු ඊයේ රැස්වී තීරණය කළේ අමාත්‍ය ධූරවල යලි දිවුරුම් දීම පක්ෂ නායකයින්ගේ එකඟතාවය මත සිදු කිරීමටයි.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබාදුන් උපදෙස් මත කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම් යන මන්ත්‍රීවරුන් තමන් දැරූ පෙර අමාත්‍ය ධූර භාර ගැනීමට තීරණය කළ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු අමාත්‍යවරුන් යලි අමාත්‍ය ධූර භාර නොගැනීමට තීරණය කර ඇති බවයි එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේ.





කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More