ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ගැන ෆේස්බුක් සමාගම හදිසියේ ගත් තීරණය

Monday, 24 June 2019 - 19:20

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ගැන ෆේස්බුක් සමාගම හදිසියේ ගත් තීරණය "
ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පණිවුඩ හුවමාරුවට සීමා

ෆේස්බුක් සමාජ මාධ්‍යය හරහා ශ්‍රී ලංකාව තුළ පණිවුඩ හුවමාරු කළ හැකි ග්‍රාහක සංඛ්‍යාව සීමා කර තිබෙනවා.

ප්‍රචණ්ඩත්වය සහ ගැටුම් වර්ධනය වීමට හේතු විය හැකි වෛරී ප්‍රකාශ සංසරණය අවම කිරීම එහි අරමුණ බවයි ෆේස්බුක් සමාගම ප්‍රකාශ කළේ.

එමෙන්ම, සිංහල භාෂාවෙන් පළ කෙරෙන ෆේස්බුක් සටහන් වෛරී ප්‍රකාශ දැයි පරීක්ෂා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය යෙදවීමට ද පියවර ගැනෙනවා.

මේ වසර මුල දී වට්ස් - ඇප් සමාජ මාධ්‍යය හරහා පණිවුඩ හුවමාරුවට ද මෙවැනි සීමාවක් පැනවුණා.

ගැටුම් වර්ධනයට හේතු විය හැකි ප්‍රකාශ පැතිරීම අවම කිරීම සඳහා සිය නිෂ්පාදනවල මූලික වෙනස්කම් සිදුකරන බවයි ෆේස්බුක් සමාගම ප්‍රකාශ කළේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් පණිවුඩයක් හුවමාරු කිරීම සම්බන්ධතා ගොනු 5කට සීමා වනු ඇති.

ෆේස්බුක් පරිහරණය සමාජයට බලපාන ආකාරය පරීක්ෂා කිරීම සඳහා ෆේස්බුක් ආයතනයේ නියෝජිතයින් පිරිසක් පසුගිය වසරේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල සංචාරයක නිරත වුණා.

එමෙන්ම, ෆේස්බුක් මෙරට ධනාත්මක භාවිතයන් පිළිබදව ද එමගින් සදහන් කර තිබෙනවා.

විශේෂයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දෙලක්ෂ 50,000කට අධික ශ්‍රී ලාංකිකයින් තමන් නිරුපද්‍රිත බව නෑ හිතවතුන්ට දැන්වීම සඳහා යොදාගෙන ඇත්තේ ෆේස්බුක් සමාජ මාධ්‍යයි.

මේ අතර, ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජිව් යසිදු කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළ වන වෛරී ප්‍රකාශ හඳුනා ගැනීම සඳහා ෆේස්බුක් ආයතනයේ කණ්ඩායමක් තමන් සමඟ කටයුතු කරමින් සිටි බවයි.


ඉන්දියාවෙන් දිනකදී කොරෝනා වෛරස් ආසාදිතයින් 24,000ක් - රුසියාවත් අභිබවන ලකුණු
Sunday, 05 July 2020 - 12:57

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස්... Read More

වැල්ලවත්තේ  රෙදි පිළි අලෙවි සැලක ගින්නක්
Sunday, 05 July 2020 - 12:41

වැල්ලවත්ත ප්‍රදේශයේ රෙදි පිළි අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා.... Read More

මාලදිවයිනේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 120ක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 11:11

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මාලදිවයිනේ සිරවී සිටි... Read More