කිරින්ද මුහුදට බිලි වූ පියා සහ දියණියන් දෙදෙනා අද අවසන් ගමන් යයි (ඡායාරූප)

Tuesday, 25 June 2019 - 9:44

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කිරින්ද වෙරළ තිරයේදි සැඩ රළ පහරකට හසු වි මිය ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි අද සිදු කෙරේ

විනෝද චාරිකාවක් සදහා යාල ප්‍රදේශයට ගොස් කිරින්ද වෙරළ තිරයේදි පසුගිය 23 දින සැඩ පහරකට හසු වී මිය ගිය හැටන් ප්‍රදේශයේ පියා සහ දියණියන් දෙදෙනාගේ දේහයන් ඊයේ (24) රාත්‍රි 12 ට පමණ හැටන් සාත්තු නිවාස පාරේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.

මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත් වුයේ නුවන් ඉන්දික ජයසුරිය නමැති 39 හැවිරිදි ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ දියණියන්වන නෙසත්මා සහන්දි විජේසුරිය නමැති 06 හැවිරිදි  දියණිය සහ නදිශා ඉනොමි විජේසුරිය නමැති 04 හැවිරිදි දියණියයි.

මිය ගිය නුවන් ඉන්දික විජේසුරියගේ බිරිද නුවරඑලිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනිවරයෙකු වශයෙන් සේවය කරන අතර එම බැංකුව විසින් සංවිධානය කරන ලද විනෝද චාරිකාවක් සදහා එම පිරිස ඉකුත් 22 දින යාල ප්‍රදේශයට ගොස් සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඊට පසු දින උදැසන 7.30 ට පමණ වෙරළ තිරයේ රළ පැගිමට ගිය අවස්තාවේ මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
 
අනතුරෙන් මිය ගිය නුවන් ඉන්දික විජේසුරියගේ බිරිද  වන හසිනි විජේසුරිය ද මෙම අනතුරට මුහුණ පා  බරපතල තත්ත්වයේ අම්පාර මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
 
හැටන් ප්‍රදේශයේ සියළුම ජනතාවගේ සෝ සුසුම් මැද ඊයේ රාත්‍රි අනතුරෙන් මිය ගිය අයගේ සිරුරු නිවසට ගෙන විත් තැන්පත් කර ඇති අතර මිය ගිය තිදෙනාගේ අවසන් කටයුතු අද පස්වරු 4 ට හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි සිදු කිරිමට ඥාතින් සහ හිතවතුන් කටයුතු කර තිබෙනවා.
 
මිය ගිය අයට ශෝකය පල කරමින් හැටන් නගරයේ සියළුම කඩ සාප්පු වල සුදු කොඩි ඔසවා නගරය සුදු කොඩි වැල් වලින් සරසා තිබෙනවා.
 
අනතුරෙන් ජිවිතක්ෂයට පත් තිදෙනා මුහුදේ ගිලී හුස්ම හිර විමෙන් ජීවිතක්ෂයට පත් ව ඇති බව මරණ පරික්ෂණය පැවැත් වු තිස්සමහරාම මුලික රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරීවරයා විසින් නිගමනය කර තිබෙනවා.




    



මාලදිවයිනේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 120ක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 11:11

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මාලදිවයිනේ සිරවී සිටි... Read More

Sunday, 05 July 2020 - 11:04

පාතාල සාමාජික අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු ලෙසට සැලකෙන බත්තරමුල්ලේ... Read More

හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් අත්අඩංගුවට
Sunday, 05 July 2020 - 10:07

හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පොලීසිය අත්අඩංගුවට... Read More