මාන්කුලමේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට

Thursday, 11 July 2019 - 7:12

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මුලතිව් මාන්කුලම සිට තුනුක්කායි දක්වා මාර්ගයේ ඊයේ(10) රාත්‍රියේ සිදුවු රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මාන්කුලම පොලිසිය පවසනවා.
 
පොලිසිය පැවසූ‍වේ මාර්ගයේ වඩකාඩු ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයේ පැවති වළක වැටී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග‍ය ආසන්නයේ විදුලි කණුවක ගැටී ඇති බවයි.

මාන්කුලම දෙස සිට පාලිනගර් දක්වා ගමන්ගත් කැබ් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් මුලතිව් පාලිනගර් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි ගුනාලන් ඩිෂාන්තන් නමැති තරුණයෙක් හා ජීවකුමාර් ජිනුෂන් නමැති තරුණයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර හේතුවෙන් තරුණයෙකු අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති අතර,අනෙක් තරුණයා මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

පොලිසිය පැවසූවේ මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් සකස් කළ වළක වැටීමෙන් වාහනය පාලනයෙන් මීදි ගොස් අනතුර සිදුව ඇති බවට සැක පළ කරන බවයි.

අනතුර සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.






පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Sunday, 05 July 2020 - 11:16

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

මාලදිවයිනේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 120ක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 11:11

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මාලදිවයිනේ සිරවී සිටි... Read More

Sunday, 05 July 2020 - 11:04

පාතාල සාමාජික අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු ලෙසට සැලකෙන බත්තරමුල්ලේ... Read More