අඩු වූ මිලට ඉන්ධන ලබානොදෙන පිරවුම්හල්වලට නීතිමය පියවර

Thursday, 11 July 2019 - 13:06

%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
සංශෝධිත මිලට ඉන්ධන අලෙවි නොකරන ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

අඩු කළ මිල ගණන්වලට ඉන්ධන ලබා නොදෙන බවට වාර්තා පළ වන අතර ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි එහි සභාපති ජී.එස්. විතානගේ මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජී.එස්. විතානගේ කියා සිටියේ සංශෝධිත මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි නොකරන පිරවුම්හල් සම්බන්ධයෙන් සංස්ථාවේ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරීවරයාට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට  ලබාදෙමින් රජය විසින් මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දැමීමට පියවර ගනු ලැබුවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල්  2කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින්ද, අඩුකර තිබෙනවා. මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 136 ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සටහන් වන්නේ රුපියල් 159 ක් ලෙසටයි.

එසේම සුපිරි ඞීසල් ලීටරයක මිල රුපියල් 5 කින්  අඩුකර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 131 ක්. කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදුව නැහැ.

මේ අතර ලංකා අයි  ඕ සී සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමනු ලැබුවා.

 


මාලදිවයිනේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 120ක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 11:11

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මාලදිවයිනේ සිරවී සිටි... Read More

Sunday, 05 July 2020 - 11:04

පාතාල සාමාජික අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු ලෙසට සැලකෙන බත්තරමුල්ලේ... Read More

හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් අත්අඩංගුවට
Sunday, 05 July 2020 - 10:07

හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පොලීසිය අත්අඩංගුවට... Read More