ට්‍රම්ප් පසුබසී

Friday, 12 July 2019 - 8:28

%EF%BB%BF%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%83%E0%B7%93
ලබන වසරේ පැවැත්වෙන ඇමරිකානු ජන සංගණනයේදී තමන් ඇමරිකානු පුරවැසියෙක් ද යන ප්‍රශ්නය ඊට ඇතුළත් කිරීම අවශ්‍ය නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

1950 වසරේ සිට මෙතෙක් පැවති කිසිදු ඇමරිකානු ජන සංගණනයකදී ඉදිරිපත් නොවූ එම ප්‍රශ්නය මෙවර ඇතුළත් කිරීමට ජනපති ට්‍රම්ප් උත්සාහ කළ ද ඊට එල්ල වූයේ දැඩි විරෝධයක්.

එය සංක්‍රමණිකයන්ට එරෙහි පියවරක් ලෙසයි ඇතැමුන් හැදින්වූයේ.

එමෙන්ම, අධිකරණය මගින් ද එය අභියෝගයට ලක් කෙරුණු අතර එමගින් ජන සංගණනය පමාවීමේ අවදානමක් ද පැන නැගුණා.

කෙසේ නමුත්, සංක්‍රමණයින් පිළිබද තොරතුරු රජයේ ආයතන හරහා එක් රැස් කිරීමට ජනපති ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.

එමෙන්ම, නීතිවිරෝධී සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ජනපති ට්‍රම්ප්ගේ නියෝගයෙන් සැලසුම් කෙරෙන බව ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණ කළා.


ජපානයේ ජල ගැල්මෙන් 15 දෙනෙකු මියයයි
Sunday, 05 July 2020 - 10:58

ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ ජල ගැල්මෙන් පුද්ගලයන් 15 දෙනෙකු... Read More

ඉන්දියාවේ අකුණු අනතුරුවලින් 23 දෙනෙකු ජීවිතක්ෂයට
Sunday, 05 July 2020 - 9:56

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකදී... Read More

ඇමරිකාවේ නිදහස් සැමරුම් උළෙලට සියල්ල සූදානම්
Sunday, 05 July 2020 - 8:16

කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් ලොව වැඩිම පීඩාවට ලක්වූ රට වන ඇමරිකා... Read More