මුස්ලිම් හිටපු ඇමතිවරුන්, යළි තනතුරු භාර ගැනීම, ජනපති දිවයිනට පැමිණීමෙන් පසු

Friday, 12 July 2019 - 12:43

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94
අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීමෙන් පසු සිදුවනු ඇතැයි වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී තීරණය කෙරුණේ මුස්ලිම් අමාත්‍යවරුන් යළි එම ධුරවල දිවුරුම් දීමටයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එහිදී ගත් තීරණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දැනුම් දුන් බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු අමාත්‍ය ධුරවල දිවුරුම් දිය හැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ පැවති සාකච්ඡාවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහභාගි වී නොමැති අතර, ඔහුද පෙර දැරූ අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් සදහන් කළා.





මාලදිවයිනේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 120ක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 11:11

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මාලදිවයිනේ සිරවී සිටි... Read More

Sunday, 05 July 2020 - 11:04

පාතාල සාමාජික අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු ලෙසට සැලකෙන බත්තරමුල්ලේ... Read More

හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් අත්අඩංගුවට
Sunday, 05 July 2020 - 10:07

හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පොලීසිය අත්අඩංගුවට... Read More