මත්කුඩු කිලෝ 60ක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව කොළඹට ළගා වෙයි

Friday, 12 July 2019 - 19:17

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+60%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B7%85%E0%B6%9C%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගාලූ වරායට ආසන්න මුහුදේ දී මත්කුඩු කිලෝග්‍රෑම් 60ක් සමග නාවික හමුදාව භාරයට ගත් විදේශීය යාත්‍රාව මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාව පිළිබද නාවික හමුදාවේ මූලික විමර්ශනවලින් අනතුරුව අදාළ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ.

පෙරේදා දිනයේ ශ්‍රී ලාංකික සැකකරුවන් සිව් දෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව සහ මෙම යාත්‍රාව අතර, සබදතා පවතින බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති අතර, ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

ගාලූ වරායට ආසන්න මුහුදේ දී ධජයක් හෝ ලියාපදිංචි සලකුණක් නොතිබූ මෙම යාත්‍රාව ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුවයි.

යාත්‍රාව පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මත්කුඩු කිලෝග්‍රෑම් 60ක් සොයා ගැනුණ අතර ඒවා, හෙරොයින් බවට සැක කෙරෙන අතර, එය නිශ්චිතව තහවුරු කිරීම සඳහා රසායනාගාර පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

යාත්‍රාවේ සිටි විදේශීය ජාතිකයන් 9 දෙනෙකු ද, මෙහිදී නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර, ඔවුන් කුමන ජාතිකයන් ද යන්න පිළිබදව මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව  නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර කියා සිටියා.



පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් ජනරැලි මාලාව ඇරඹෙයි (වීඩියෝ)
Sunday, 05 July 2020 - 13:41

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් ජනරැලි... Read More

ඉන්දියාවෙන් දිනකදී කොරෝනා වෛරස් ආසාදිතයින් 24,000ක් - රුසියාවත් අභිබවන ලකුණු
Sunday, 05 July 2020 - 12:57

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස්... Read More

වැල්ලවත්තේ  රෙදි පිළි අලෙවි සැලක ගින්නක්
Sunday, 05 July 2020 - 12:41

වැල්ලවත්ත ප්‍රදේශයේ රෙදි පිළි අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා.... Read More