රන්ජන් රාමනායක අද අගමැති හමුවට

Wednesday, 17 July 2019 - 12:34

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
භික්ෂුන් වහන්සේලාට අපහාස වන අන්දමින් සිදුකළ ප්‍රකාශය පිළිබද කරුණු විමසීමට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද අග්‍රාමාත්‍යවරයා හමුවට කැදවා තිබෙනවා.

අද පස්වරු 3 ට අරලියගහ මන්දිරයේදී අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි රන්ජන් රාමනායක අමාත්‍යවරයාට දැනුම්දී ඇත්තේ.

භික්ෂුන් වහන්සේලාට අපහාස වන අන්දමින් පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබදව ලිඛිතව පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට ලිපියකින් දැනුම් දී තිබුණා. එමගින් පෙන්වා දී තිබුණේ රන්ජන් රාමනායකගේ ප්‍රකාශය පක්ෂයේ අදහස සමග පරස්පර බවයි.

මේ අතර, රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා භික්ෂුන් වහන්සේලාට අපහාස වන අන්දමින් සිදුකළ ප්‍රකාශය පිලිබද රාවණා බලය සංවිධානය අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් මීට පෙර නව සිංහලේ ජාතික සංවිධානය, ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය ද පොලිස් මූලස්ථානයට සහ ළමා රක්ෂණ අධිකාරිය වෙත පැමිණිලි යොමුකළා. 


මහමැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම ඇරඹේ
Monday, 13 July 2020 - 10:17

මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර මේ... Read More

\'අංගොඩ ලොක්කා\' ගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු මුල්ලේරියාවෙදී අත්අඩංගුවට
Monday, 13 July 2020 - 10:09

පාතාල සාමාජිකයෙක් වන \'අංගොඩ ලොක්කා\' ගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු මුල්ලේරියාවෙදී... Read More

උණවටුන උප දුම්රිය ස්ථානය අද දිනයේ තාවකාලිකව වැසේ
Monday, 13 July 2020 - 10:08

උණවටුන උප දුම්රියපොල ස්ථානය අද දිනයේ තාවකාලිකව වසා දැමීමට... Read More