ඔබත් ෆේස්බුක් එකේ වයසට ගියාද ? ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Thursday, 18 July 2019 - 8:52

%E0%B6%94%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%9A+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF+%3F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඔබේ ෆේස්බුක් මිතුරු ලැයිස්තුවේ බොහෝ දෙනෙක් පසුගිය දින කිහිපය තුල වයස්ගතව ඇති බව ඔබ දකින්නට ඇති.

ෆේස් ඇප් මගින් ලබාදුන් මෙම පහසුකම ලොව පුරා බිලියනයකට වැඩි සමාජ මාධ්‍ය පරිශීලකයින් මේ වනවිට භාවිත කර අවසන්.

නමුත් ඒ තුල පරිශීලකයාගේ දත්ත කෙතරම් සුරක්ෂිත ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පරිගණක විශේෂඥයින්ගේ සැලකිල්ලට ලක්ව
තිබෙනවා.

පුද්ගල රූපයක් මහලු ස්වරූපයට හෝ තරුණ ස්වරූපයකට වෙනස් කළ හැකි යෙදවුමක් වන ෆේස් ඇප් මේ දිනවල බොහෝ දෙනෙක් භාවිත කරනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට ගූගල් ප්ලේ තුළින් මෙම යෙදවුම බාගතකරගෙන ඇති පිරිස මිලියන දස දහස් ගණනක්.

එසේම මෙම යෙදවුම රටවල් 121 ක ඇපල් ඇප් ස්ටෝර්හි ඉහළම ශ්‍රේණිගත යෙදවුම වී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණේ යෙදවුම් නිර්මාණකරුවෙකු වන ජෝෂුවා නොසි පළ කළ ට්විටර් පණිවුඩයක් හේතුවෙන්.

එහි දැක්වුණේ ෆේස් ඇප් මගින් පරිශීලකයාගේ අවසරයකින් තොරව ඔහුගේ ඡංගම දුරකථනයේ ඇති ඡායාරූප උඩුගතකිරීම හෙවත් අප්ලෝඩ් කිරීමක් සිදුවන බවයි.

කෙසේ වෙතත්, එලියට් එල්ඩර්සන් නම් ආරූඩ නමකින් පෙනී සිටින ප්‍රංශ සයිබර් ආරක්ෂක පර්යේෂකයා නොසීගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව තහවුරු කළේ ෆේස් ඇප් ලබා ගන්නේ පරිශීලිකයා යොමු කරන ඡායාරූප පමණක් බවයි.

බුද්ධි අංශ මගින් හෝ වෙනත් කණ්ඩායමක් මගින් මුහුණ හඳුනා ගැනීමේ ක්‍රමවේද පුහුණු කිරීම සඳහා ෆේස් ඇප් පරිශීලික ඡායාරූපවලින් ලබා ගන්නා දත්ත භාවිත කරනු ඇති බවට තවත් පිරිසක් අනතුරු අඟවනවා.

එසේම ෆේස් ඇප් කොන්දේසි මාලාවට අනුව අදාළ සමාගමට පරිශීලකයාගේ අන්තර්ගතයන් සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට අසීමිතව බලයක් හිමිවනවා.

කෙසේ වෙතත්, ෆෝබ් සගරාව ෆේස් ඇප් සමාගම උපුටා දක්වමින් සඳහන් කළේ පරිශීලකයා තෝරා ගන්නා ඡායාරූපය හැර වෙනත් කිසිදු ඡායාරූපයක් උඩුගත කර නොගන්නා බවයි.

එසේම බොහෝ ඡායාරූප තම පද්ධති තුළින් ඉවත් කරන බවත් පරිශීලිකයන්ගේ දත්ත අලෙවි කිරීමක් හෝ තෙවන පාර්ශ්වයක් සමග හුවමාරු කර නොගන්නා බවට ෆේස් ඇප් සමාගම සහතික වනවා.

මේ අතර, ඇමරිකානු සෙනට් මණ්ඩල සාමාජික චොක් චූමර් ෆේස් ඇප් සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක සහ පෞද්ගලිකත්ව විමර්ශනයක් සිදු කරන ලෙස එෆ්.බී.අයි. ආයතනයෙන් සහ ෆෙඩරල් වානිජ කොමිසමෙන් ඉල්ලා  තිබෙනවා.

ඔහු සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ මෙම යෙදවුම හේතුවෙන් ජාතික ආරක්ෂාව සහ මිලියන ගණනක් වන ඇමරිකානු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය අවදානමකට ලක්ව ඇති බවයි.

එමෙන්ම ප්‍රචාරක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් මෙම යෙදවුම මේ වනවිටත් භාවිත කරන්නේ නම් එය මකා දමන ලෙස ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික මණ්ඩලය සිය ජනාධිපති අපේක්ෂකයන් වෙත දැනුම් දී තිබෙනවා.








පිටිපනින් හමුවූ ගිනිඅවි අතරින් අතුරුදන්ව තිබූ T56 ගිනි අවි දෙකක් හෝමාගමින් හමුවෙයි
Saturday, 11 July 2020 - 15:30

පිටිපන ප්‍රදේශයෙන් පසුගියදා හමුවූ අවි තොගය අතරින් අතුරුදන්ව... Read More

නියොමාල් රංගජීව සමාව අයදී
Saturday, 11 July 2020 - 15:04

කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී ඊයේ පෙරවරුවේ මාධ්‍යවේදියෙකුට... Read More