වෛද්‍ය සාෆි ගැන පරීක්ෂණ සී.අයි.ඩී.යෙන් ඉවත් කරන්නැයි පොලිස් කොමිසමෙන් නිර්දේශ

Thursday, 18 July 2019 - 13:04

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B7%86%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81
චෝදනා එල්ලවී ඇති වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙස ජාතික පොලිස් කොමිසම නිර්දේශ කර තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම කොමිසම ප්‍රකාශ කර ඇත්තේ වෛද්‍ය සාෆි පිළිබඳ ඉදිරි පරීක්ෂණ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාරදෙන ලෙසටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව අගතියට පත් පාර්ශව පොලිස් කොමිසමට පසුගියදා පැමිණිලි කර තිබුණා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමිනුයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අදාළ පරීක්ෂණ කටයුතු ඉවත් කිරීමට නිර්දේශ කර ඇත්තේ.

ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය යටතේ පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන ලෙස පොලිස් කොමිසම වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

මෙම ලිපිය පොලිස් මූලස්ථානය වෙත ලැබී ඇති අතර, ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් ඉදිරි පියවර ගනු ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණු සැත්කම්වලදී මව්වරුන් වඳ භාවයට පත් කළා යැයි කියන සිද්ධීන්වලට අදාළව වෛද්‍ය මොහොමඩ් සාෆිට චෝදනා එල්ලවී තිබෙනවා.

ඔහු පසුගිය මස 11 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුවයි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සිසේරියන් සැත්කම් සිදුකළ මව්වරුන්ට අවශ්‍ය පරීක්ෂණ සිදුකිරීම සඳහා කොළඹ කාසල් සහ සොයිසා රෝහල්වල පහසුකම් සපයා තිබුණද මෙතෙක් කිසිදු මවක් පරීක්ෂණ සඳහා පැමිණ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ වෛද්‍ය සාෆි සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ අවසන්වන තෙක් අමාත්‍යාංශ මට්ටමෙන් සිදුවන පරීක්ෂණය අත්හිටුවා ඇති බවයි.



වැලි සහ අපද්‍රව්‍ය නිසා ගාලුපාරේ ගමනාගමනයට බාධා (වීඩියෝ)
Saturday, 11 July 2020 - 17:02

අම්බලන්ගොඩ - කහව - මීටියාගොඩ - අකුරල ප්‍රදේශවලදී ගාල්ල - කොළඹ... Read More

මැතිවරණයට අදාළව පැමිණිලි 2620ක්
Saturday, 11 July 2020 - 16:57

මහමැතිවරණයට අදාළව මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ වනවිට... Read More

ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් 229 දෙනෙකු දිවයිනට (වීඩියෝ)
Saturday, 11 July 2020 - 15:59

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව  ඕස්ට්‍රේලියාවේ... Read More