ජලාශ 3ක වාන් දොරටු විවෘතයි - කැළණි සහ කළු ගඟ අවදානම්

Thursday, 18 July 2019 - 18:27

%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81+3%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%9F+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
මධ්‍ය කඳුකර ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග ජල මට්ටම ඉහළ යාම නිසා ලක්ෂපාන, කැනියොන් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන්දොරටු මේ වනවිට විවෘත කර තිබෙනවා.

ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු 3 ක් විවෘතව පවතින අතර කැනියොන් ජලාශයේ වාන්දොරටුවක් ද, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 2 ක් ද විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් කැළණි ගඟේ සහ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින අතර, ඒ පිලිබඳව අවධානයෙන් පසුවන ලෙස එම මධ්‍යස්ථානය ගඟ  දෙපස පහත් බිම්වල ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද සදහන් කළේ රත්නපුර අවට කළු ගඟේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි.

ඒ පිලිබඳව පහත් බිම් වල ජනතාව අවධානයෙන් පසුවිය යුතුයි.

එසේම, රත්නපුර සහ බලංගොඩ ප්‍රදේශවලට නායයාමේ අවදානමක් ද ප්‍රකාශයට පත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

මේ අතර, හැටන් - ආගරපතන ටොරින්ටන් වත්තේදී 11 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනෙකු අද පස්වරුවේ ජල පහරකට හසුවී ගසාගෙන ගොස් තිබූ අතර එහිදී එක් සිසුවියක ජීවිතක්ෂයට පත්වී, අනෙක් සිසුවිය අතුරුදන්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පාසල් නිම වී යළි නිවසට පැමිණෙමින් සිටියදි ඔවුන් මෙලෙස ජල පහරට හසුව ඇති බවයි.

එමෙන්ම, මධ්‍යම කඳුකරයට ඇද හැලූණු වර්ෂාපතනයත් සමග හැටන් සහ කොටගල ප්‍රදේශවල පහත් බිම් රැසක නිවාස ජලයෙන් යටවී ඇති බව හිරු වාර්තාකරු පැවසුවා.

මේ අතර, දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අනිද්දා දිනය දක්වා අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, මධ්‍යම, සබරගමුව යන පළාත්වලට මෙන්ම කළුතර - ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මිලිමිටර් 150 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද උදෑසන 8.30 සිට පස්වරු 3.30 දක්වා පැය 7ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 172 යි දශම 5 රත්නපුර - කුඩව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.


පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි
Thursday, 06 August 2020 - 12:59

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට... Read More

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග (වීඩියෝ)
Thursday, 06 August 2020 - 12:28

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්වරයා ඇතුළු... Read More

මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත්වන වෙලාව ගැන ඉඟියක්
Thursday, 06 August 2020 - 12:25

2020 මහා මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය දහවල් 2.30 ත් 3.30 අතර ලබාදීමට... Read More